Tuesday, March 10, 2020

කිතුල් පැණි සහ කිතුල් හකුරු

කිතුල් පැණි සහ කිතුල් හකුරු

උද්භිද විද්‍යාත්මකව Caryota urens ලෙසින් හැඳින්වෙන කිතුල් ගසෙන් වසර දෙදහසකටත් පෙර සිට මෙරට වැසියන් ඵල ප්‍රයෝජන ගෙන තිබෙන බවට තොරතුරු තිබේ. එකල සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රාජ භෝජනයේද අත්‍යවශ්‍ය ආහාරයක්‌ ලෙස කිතුල් පැණි, හකුරු, තෙලිදිය සහ කිතුල් පිටි භාවිතයට ගෙන ඇත.

මෑතකදී සිදුකරන ලද පර්යේෂණ වලට අනුව දියවැඩියාවට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරන සංඝටක අඩංගු නිසා අමිශ්‍ර කිතුල් පැණි දියවැඩියා රෝගීන්ට අගුණ නැත. එසේම රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන අතර හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරයි. කිතුල් පැණි වල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත. එහි අධික මාත්‍රාවකින් ඇති “ඉනොසිටෝල්” සංඝටකය (74mg/100g) අක්මාව ඉදිමීම පාලනය කරන අතරේ මොලයේ සෛල වලට ආහාර සපයයි. මෙම සංඝටකය හිසකෙස් වර්ධනයට උපකාර වන අතර සමෙහි සෞඛයය රකදෙයි. කිතුල් පැණිවල සැලකිය යුතු මට්ටමකින් විටමින් A පවතී. (45mg/100g). කිතුල් පැණි වල අඩංගු ප්‍රධාන සංඝටකය සුක්‍රෝස් වන හෙයින් එය අඩංගු ආහාර ලබාගත් විට ක්ෂණිකව රුධිරයේ සීනි මට්ටම වැඩි නොවීම හිතකර තත්වයකි.

ශ්‍රී ලංකාවේ කාර්මික තාක්‌ෂණ ආයතනය, (ITI) කොළඹ සරසවි රසායන විද්‍යා අංශය සහ සත්ත්ව විද්‍යා අංශය ඒකාබද්ධව සිදු කර ඇති පර්යේෂණයකින් හෙළි වී ඇති කරුණු කාරණා අප මවිත කරවන සුළුය. කිතුල් පැණි සහ හකුරු ආහාරයට ගැනීමෙන් රුධිරයේ අහිතකර කොලෙස්‌ටරෝල් (LDL) මට්‌ටම සහ හානිකර කොලෙස්‌ටරෝල් වර්ගයක්‌ වන ට්‍රයිග්ලිසරයිඩ් මට්‌ටම (TG) ශීඝ්‍රරයෙන් අඩු වන බවත්, හිතකර කොලෙස්‌ටරෝල් මට්‌ටම (HDL) වැඩි වන බවත්, හෘද රෝග අවදානම පිළිබද දර්ශකයක්‌ වන Atheroscierosis index අඩු වෙන බවත්, මෙම පර්යේෂණවලින් තහවුරු වී තිබේ.
කිතුල් මලෙන් ලබා ගන්නා සාරය වන තෙලිදිය, මේ ලොව අන් කිසිදු තාල වර්ගයේ ගසකින් ලබා ගන්නා සාරයක නොමැති, මනුෂ්‍යන්ගේ නිරෝගී සුවයට හේතු වන ශාක රසායනිකයන්ගෙන් (Phytochemicals) පොහොසත් බව හෙළි වී තිබේ.

දිය වැඩියාව ඇති අයට කිතුල් හකුරු,පැණි අගුණ නැත්තේ ඇයි?


දියවැඩියාව යනු රුදිරගත සීනි ප්‍රමානය අහිතකර ලෙස ඉහල යාමයි.යම් ආහාරයක් අනුබව කලපසු එය ජීර්නය වී සෑදෙන ග්ලූකෝස් රුදිරයට උරාගනී.

මේ රුදිරගත ග්ලුකෝස් ප්‍රමාණය වෙනස්වන අයුරු දැක්වෙන ක්‍රමයක්වන්නේ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් හෙවත් GI කියාය.

සිරුරට අනතුරුදායක නොවන GI අගය ලෙසට ආහාරයක තිබිය යුත්තේ 55ට හෝ ඊට අඩු අගයකි. එවිට එමාඅහාරයේ ඇති පිස්ටය හෝ සිනි සෙමින් ජීර්නය වී සෙමින් රුදිරයට අවශෝෂණය වේ.
එනම් රුදිර ගත සීනි වැඩිවන්නේ සෙමෙන් නිසා රුදිරයට ලැබෙන ඉන්සියුලින් ප්‍රමානයෙන් මේ සීනි පාලනය කරගත හැක.
GI වැඩි ආහාර හානිකර වන්නේ දියවැඩියාව ඇති අයගේ රුදිරයට ලැබෙන ඉන්සියුලින් ප්‍රමානය ඉතා අඩු නිසයි.

පිරිසිදු කිතුල් හකුරු හෝ කිතුල් පැනි වල GI අගය 35ක් පමනි. එනිසා ඒවා පාවිච්චි කිරීම හානිකර නොවේ.

අපගේ නිෂ්පාදන :
      කිතුල් පැණි 
      කිතුල් හකුරු 

විශේෂයෙන් අප නිෂ්පාදන තුල ශරීරයට අහිතකර කෘතීම රසකාරක, වර්ණක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ. 100% පිරිසිදු ස්වභාවික සහ දේශීය නිෂ්පාදන බෙදාහැරීම මගින් සුළුපරිමාණ දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම මෙන්ම පිරිපුන් නිරෝගී මතු පරපුරක් බිහිකිරීම අපගේ ඒකායන අරමුණ වේ.
තොග වෙළදුන් සදහා විශේෂ වට්ටම්
📱ක්ෂණික ඇමතුම්: +94-775417550
✉️විද්යුත් තැපෑල : spaceoneholdings@gmail.com
🛵ප්‍රචාරණය සහ බෙදාහැරීම : Space One Holdings (Pvt) Ltd





Saturday, March 7, 2020

සිංහල හින්දු අලුත් අවුරුද්ද

සිංහල හින්දු අලුත් අවුරුද්ද 
මෙම නව වසර සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ මාසයේ සමරනු ලබන අතර අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි.විවිධ විශ්වාස සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳී පවතී.කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර වේ. බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීම මඟින් බෞද්ධාගමික පරිසරයක් තුල අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට මඟ පෙන්වනු ලැබීය.රටේ බහුතර ජනතාව බෞද්ධයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් සිංහල අවුරුදු වත් පිලිවෙත් කිරීමට අදත් ශ්‍රී ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති.
අනෙක් අතට හින්දු ආගම ගැන සලකා බලන කල එය පුරාතණයේ සිටම බුදු දහම හා සමාන්තරව පැවතුනු ආගමක් ලෙස හඳුනා ගත හැක.එම නිසා නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු විය.බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක හා බැඳී පැවතිනි. එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයන් අතර අවුරුදු චාරිත්‍ර වල විශාල පරස්පරතා හඳුනා ගත නොහැක.
මිථ්‍යා විශ්වාස හා ප්‍රබන්ධ වලට අනුව අලුත් අවුරුදු උදාව හින්දු සාහිත්‍යයට නියත වශයෙන්ම බැඳී පවතී.සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකනු ලබන 'ඉන්ද්‍රදේව'පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම ලෙස නව අවුරුදු උදාව සැලකේ.අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැඟී සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳ පොළවට වඩියි.ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ශණ බලය බිඳ දමා එය කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවතී.
වර්තමානයේ අවුරුදු දින සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබා දෙන නැකැත් වේලාවන් අනුව කරනු ලබයි.එම නිසා අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය, හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් වල සංකීර්ණ එකතුවක් ලෙස සැලකිය හැක.

අලුත් අවරුදු කෑම මේසයේ ගුණ අගුණ


ලුත් අවුරුද්ද කිව්වාම ගොඩක් අයට ඉස්සෙල්ලාම මතක්වෙන්නේ කැවුම්, කොකිස් , කිරිබත් , අලුවා පිරුනු අවුරුදු කෑම මේසේ. පවුලේ හැමෝම ඒ අවුරුදු කෑම මේසේ වටවෙලා ආහාර අනුභව කරන නැකත ආවාම අවුරුදු කැවිලි වල රස බලනවා. ඒත් ඔයාලා නිකමට හරි ඔය කැවිලින් ඔයාට ලැබෙන පෝෂණ ගුණය ගැන කල්පනාකරලා බැලුවද? කැවුම්, කොකිස් , කිරිබත් වගේ දේශීය කැවිලි වර්ග වල අතීතය ගොඩක් පරණයි.ඒ වුනාට ඒ කැවිලිවල පෝෂණ ගුණය ගැන කරල තියන පර්යේෂණ  ගොඩක් අඩුයි. මම ඔයාලට කියලදෙන්න හදන්නේ අවුරුදු මේසේ තියන රස කැවිලි කීපයක පෝෂණ ගුණය ගැන.

අපි ගන්න හැම ආහාරයකම කාබෝහයිඩ්ඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය කියන පෝෂ පදාර්ථ 3 න් එකක් හරි කිහිපයක් හරි තියනවා.අපි උදාහරණහයකට ගමු කැවුම්. කැවුම් හදන්න ගන්න හාල් පිටි නිසා කැවුම් වල කාබෝහයිඩ්ඩ්‍රේට් සහ ප්‍රෝටීන් තියනවා. කැවුම් බදින්න ගන්න පොල්තෙල් නිසා කැවුම් වල මේදය තියනවා. මේ හැම පෝෂ පදාර්ථයකින්ම අපේ ශරීරයට ශක්තිය ලැබෙනවා. කාබෝහයිඩ්ඩ්‍රේට් සහ ප්‍රෝටීන් ග්‍රෑම් 1 කින් ශක්තිය කිලෝ කැලරි (kcal) 4ක් අපේ ශරීරයට ලැබෙනවා. කිලෝ කැලරි (kcal) කියන්නේ අපි ගන්න ආහාර වල තියන ශක්තිය මනින ඒකකය. මේදය ග්‍රෑම් 1 කින් ශක්තිය කිලෝ කැලරි (kcal) 9ක් අපේ ශරීරයට ලැබෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති තෙල් සහිත කෑමක් කෑවහම වැඩිපුර ශක්තිය ලැබෙන්නේ කොහොමද කියලා. ලංකාවේ සාමාන්‍ය මට්ටමකට ක්‍රියාශීලි වැඩිහිටි පිරිමි කෙනෙකුට දිනකට කිලෝ කැලරි 2900 පමණ ශක්තිය අවශ්‍ය වෙනවා. සාමාන්‍ය මට්ටමකට ක්‍රියාශීලි වැඩිහිටි ගැහැණු කෙනෙකුටනම් දිනකට අවශ්‍ය වෙන්නේ කිලෝ කැලරි 2400 පමණ ශක්ති ප්‍රමානයක්. මේ දෛනික ශක්ති අවශ්‍යතාවයට වැඩියෙන් ශක්තිය අපිට කෑමෙන් ලැබුනොත් අපේ ශරීරයේ ශක්ති අතිරික්තයක් ඇතිවෙලා ශරීරයේ බර අනවශ්‍ය විදිහට වැඩිවෙනව වගේම අධික කොලෙස්ටරෝල් , හෘද රෝග සහ දියවැඩියාව වගේ ලෙඩ රෝග හැදෙන්න තියන අවධානමත් වැඩිවෙනවා. දෛනික ශක්ති අවශ්‍යතාවයට අඩුවෙන් ශක්තිය අපිට කෑමෙන් ලැබුනොත් අපේ ශරීරයේ ශක්ති හිගයක් ඇතිවෙලා ශරීරයේ බර අනවශ්‍ය විදිහට අඩු වෙලා අපේ ශරීරය දුර්වලවෙනවා. ඒනිසා අපි ගන්න ආහාර වලින් ශරීරයට ලැබෙන ශක්ති ප්‍රමාණය ගැන දැනුවත්වෙලා අපගේ ශරීරයට අවශ්‍ය ප්‍රමානයට ආහාර ගැනීම හරිම වැදගත්.
                                  
අපි දැන් අවුරුදු කෑම මේසයේ තියන කැවිලි වර්ග කිහිපයක පෝෂණ ගුණය ගැන හොයල බලමු. 

කිරිබත් කියනනේ අවුරුදු කෑම මේසේ විතරක් නෙමේ ඕනෑම වැදගත් අවස්ථාවක චාරිත්‍රයක් විදිහට පිළියෙල කරන ආහාරයක්. සමාන්‍ය ප්‍රමානයේ කිරිබත් කැටයක ( 55 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 240 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 6.3 ක් සහ මේදය ග්‍රෑම් 6.5 කුත් එක කිරිබත් කැටයක අඩංගුවෙනවා.ඒකියන්නේ කිරිබත් කැට දෙකක් ඔබ ආහාරයට ගත්තොත් ශක්තිය කිලෝ කැලරි 500 ක් පමණ, ඒකියන්නේ මුලු දවසටම අවශ්‍යකරන ශක්ති ප්‍රමාණයෙන් 1/5 ක් පමණ ලැබෙනවා. කිරිබත් පිළියලකරනකොට මුංඇට එකතුකරල මුං කිරිබත් හැදුවොත් කිරිබත් වල රස වගේම ගුණයත් තව වැඩිවෙනවා. මුංඇට කියන්නේ රනිල කුලයේ ඇට වර්ගයක්. රනිල කුලයේ ඇට වල ප්‍රෝටීන් සහ තන්තු බහුලයි. ආහාර වල තියන තන්තු වලට පුලුවන් ආහාර ජීර්ණය පහසු කරන්න. ඒවගේම තන්තු අපි ගන්න ආහාරවල තියන මේදය ශරීරයට උරාගන්න එක අඩු කරනවා.

මුං කැවුම් අවුරුදු කෑම මේසයේ තියන ඉතා රසවත්ම කැවිලි වර්ගයක්. සමාන්‍ය ප්‍රමානයේ මුං කැවුමක ( 20 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 187 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 3.6 ක් සහ මේදය ග්‍රෑම් 1.7 ක් පමණත් එක මුං කැවුමක අඩංගුවෙනවා. මම කලින් පැහැදිලිකලා වගේම මුංඇට කියන්නේ ප්‍රෝටීන් සහ තන්තු බහුල ඇට වර්ගයක්. කොකිස් අපි කවුරුත් ආසාවෙන් කන කැවිලි වර්ගයක්. විවිධ හැඩතල වලට හදන සමාන්‍ය ප්‍රමානයේ එක කොකිසකින් ( 5 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 56 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1.2 ක් සහ මේදය ග්‍රෑම් 1.8 ක් පමණත් එක කොකිසක අඩංගුවෙනවා. ඒඅනුව ගත්තාම කොකිස් අනිත් රසකැවිලි වලට වඩා අඩු ශක්ති ප්‍රමානයක් සහිත කැවිළි වර්ගයක්.


වැලිතලප නම් හැබැයි ශක්ති ප්‍රමාණය තරමක් වැඩි රස කැවිලි වර්ගයක්.ඊට හේතුව අධික පැණිරස ගතිය. සමාන්‍ය ප්‍රමානයේ වැලිතලපයකින් ( 20 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 257 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 2.3 ක් සහ මේදය ග්‍රෑම් 2.5 ක් පමණත් එක වැලිතලපයක අඩංගුවෙනවා. 

වැලිතලප වගේම ශක්ති ප්‍රමාණය තරමක් වැඩි කැවිලි වර්ගයක් තමයි පැණි වළලු කියන්නේ. සාමාන්‍ය ප්‍රමානයේ පැණි වළල්ලකින් ( 20 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 247 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 3.7 ක් සහ මේදය ග්‍රෑම් 12.9 ක් පමණත් එක වළල්ලක අඩංගුවෙනවා. අවුරුදු කෑම මේසයේ තියන කැවිලි වර්ග අතරින් මේදය වැඩිම කැවිලි වර්ගයක් තමයි මේ පැණි වළලු.

අලුවා කියන්නේ සෑම නිවසකම වගේ අලුත් අවුරුද්දට හදන කැවිලි වර්ගයක්. සමාන්‍ය ප්‍රමාණයේ අලුවා කෑල්ලකින් ( 25 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 145 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1.5 ක් සහ මේදය ග්‍රෑම් 3.4 ක් පමණත් එක අලුවා කෑල්ලක අඩංගුවෙනවා. අලුවා හදනකොට  වියළි කජු එකතුකළාම අලුවා වල රස වගේම ගුණයත් වැඩිවෙනවා. කජු වල තියන අසංතෘප්ත මේද අම්ල කියන විශේෂ මේද වර්ගයට පුලුවන් අපේ ශරීරයේ තියන නරක කොලෙස්ටරෝල් අඩු කරලා හොද කොලෙස්ටරෝල් වැඩිකරන්න.

කේක් කියන්නේ පාරම්පරික අවුරුදු කෑම මේසයේ තිබුන කැවිලි වර්ගයක් නොවුනට අද වෙනකෙට අවුරුදු කෑම මේසයේ විතරක් නෙමේ ඕනෙම උත්සව අවස්ථාවක නැතුවම බැරි කැවිලි වර්ගයක් වෙලා. සමාන්‍ය ප්‍රමාණයේ බටර් කේක් කෑල්ලකින් ( 30 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 110 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1.5 ක් සහ මේදය ග්‍රෑම් 4.5 ක් පමනත් එක බටර් කේක් කෑල්ලක අඩංගුවෙනවා. අපි වෙළදපොළෙන් මිලදීගන්න අයිසිං කේක් සහ චොකලට්  කේක් වගේ කේක් වර්ගවල  ශක්තිය සහ මේදය ප්‍රමාණය මීට වඩා වැඩිවෙනවා.

කෙසෙල් කියන්නේ රස කැවිලි වර්ගයක් නොවුනට අවුරුදු කෑම මේසය ලස්සන වෙන්න වගේම අවුරුදු කෑම මේසය පෝෂණ ගුණය වැඩිකරන්නත් උදව්වෙන පළතුරක්. අපේ රටේ විවිධ වර්ග වල කෙසෙල් වැවෙනවා. කෙසෙල් වර්ගය අනුව පෝෂණ ගුණය වෙනස් වුනාට සමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියකින් ( 80 ග්‍රෑම් පමණ) ශක්තිය ශක්තිය කිලෝ කැලරි 68ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1 ක් පමණ සමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක අඩංගුවෙනවා. කෙසෙල් වල මේදය අඩංගුවෙන්නේ නැහ. බලන්න කෙසෙල් වල බරට සාපේක්ෂව අපේ ශරීරයට ලැබෙන ශක්ති ප්‍රමාණය රස කැවිලිවලට වඩා ගොඩක් අඩුයිනේද? ඒක නිසා කෙසෙල් ශරීරයේ බර පාලනයට හරි වැදගත්. කෙසෙල් වල විටමින් CAE සහ විටමින් K වලට අමතරව තන්තුත් බහුලව අඩංගුවෙනවා. ඒ හින්දම කෙසෙල් කියන්නේ මළ බද්දය, අධි රැධිර පීඩනය, මානසික ආතතිය වගේම ග්‍රැස්ට්‍රයිටිස් සුවකිරීම සදහාද උපකාරීවෙන ඉතාමත් ගුණ පළතුරක්.

දැන් ඔයාලට අවුරුදු කෑම මේසයේ තියන ප්‍රධාන කැවිලි වර්ග කිහිපයක ශක්ති ප්‍රමාණය සහ පෝෂණ ගුණය ගැන තරමක අදහසක් එන්න ඇති. අපි වැලිතලප , පැණි වළලු සහ අයිසිං කේක් වගේ ශක්තිය අධික ආහාර ගන්නකොට ඒවගේ ප්‍රමාණය පිළිබදව අවධානය යොමුකරන්න ඕනේ. එහෙම නැතිව අපි පාලනයක් නැතිව ශක්තිය අධික ආහාර ගත්තොත් අපේ ශරීරයේ අනවශ්‍ය ශක්තියක් ඉතිරිවෙලා අපි ලෙඩ වෙන්න වුනත්  පුලුවන්. ඒවගේම කැවුම් ,කොකිස් වගේ කැවිලි ගැඹුරු තෙලේ බඳිනකොට ඒ තෙල් නැවත නැවත ප්‍රයෝජනයට ගන්න හොද නැහ. ඊට හේතුව තමයි කැවුම් , කොකිස් බඳිනකොට තෙල් අධික උෂ්ණත්වයකට රත්වුනාම තෙල් වල සංයුතිය වෙනස් වෙලා ට්‍රාන්ස් මේදය (Trans fat) කියල සංයෝගයක් හැදෙන එක. ඒ ට්‍රාන්ස් මේදය අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩිකරනවා.

සමාඡ විද්‍යාඥයින් කියන විදිහට අවුරුදු කාලයේ ගමේ ලොකු පොඩි හැමෝම ගැහැණු පිරිමි භේදයකින් තොරව කණා මුට්ටි ගැසීම, කොට්ට පොර ගැසීම, කඹ ඇදීම, ඔංචිලි පැදීම , ලිස්සන ගහේ නැගීම වගේ අවුරුදු ක්‍රීඩා වල නිරතවෙන්නේ අවුරුදු කාලෙට කන කැවිලි වලින් ශරීරයට ලැබෙන අධික ශක්තිය වැය කරලා නිරෝගීව ඡීවත්වෙන්න. ඉතින් ඔයාලත් අවුරුදු කාලෙට විවිධ රස කැවිලි වර්ග රස බලනව වගේම අවුරුදු ක්‍රීඩා වල නිරතවෙලා ශරීරය නීරෝගීව තියාගන්නත් අමතක කරන්න එපා.

(උපුටා ගැනීම අන්තර් ජාලය ඇසුරෙනි)

කාර්‍ය බහුල ඔබ සදහා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපෙන් ඔබට සාම්ප්‍රදායික රසය සහ ගුණය සමගින් විශේෂිත වූ ඉහලම ගුණත්වයෙන් යුතු ප්‍රනීත දේශීය රස කැවිලි වර්ග රාශියක් 

ඇනවුම් මත නිෂ්පාදනය සිදුකර දෙනු ලැබේ.


අපගේ නිෂ්පාදන 
- කොණ්ඩ කැවුම් 
- අතිරස 
- අළුවා 
- කොකිස් 
- මුං කැවුම් 
- පැණි වළලු 
- නාරං කැවුම් 
- ආස්මි 
- තල කැරලි 

(මිලගණන් දැනුම් දීම සහ ඇනවුම් භාර ගැනීම ලගදීම)

ප්‍රථම ඇනවුම් 50 සදහා 10% ක විශේෂිත වට්ටම් මුදලක්

විශේෂයෙන් අප නිෂ්පාදන තුල ශරීරයට අහිතකර කෘතීම රසකාරක, වර්ණක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය  අඩංගු නොවේ. 100% පිරිසිදු ස්වභාවික සහ දේශීය නිෂ්පාදන බෙදාහැරීම මගින් සුළුපරිමාණ දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම මෙන්ම පිරිපුන් නිරෝගී මතු පරපුරක් බිහිකිරීම අපගේ ඒකායන අරමුණ වේ.

තොග වෙළදුන් සදහා විශේෂ වට්ටම්

📱ක්ෂණික ඇමතුම්: +94-775417550
 ✉️විද්යුත් තැපෑල : spaceoneholdings@gmail.com
ප්‍රචාරණය සහ බෙදාහැරීම : Space One Holdings (Pvt) Ltd


Wednesday, March 4, 2020

ගොරකා පේස්ට්

ගොරකා පේස්ට්, කිසිදු කෘතිම හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය එකතු නොකර සාම්ප්‍රදායික ක්‍රමයට අනුව පදම් කොට සකස් කර ඇත. සිත් ඇදගන්නාසුළු සුවඳක් සහ දිව පිනවන  ඇඹුල් රසයක් ඇත.

ගොරකා සූපශාස්ත්‍රයේදී බහුලව භාවිතා වේ.

ගොරකා  සියවස් ගණනාවක් තිස්සේ ප්‍රසිද්ධ වී ඇත්තේ එහි ඇඹුල් රසය නිසා  වන අතර එය ආහාර ජීර්ණය සක්‍රීය කරයි, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියා කාරිත්වය ඉහළ නැංවීමට උපකාරී වේ තවද පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරයි.

අමුද්‍රව්‍ය:100% වියළි ගොරකා සහ ලුණු.

භාවිතා කරන්නේ කෙසේද:

සූපශාස්ත්‍රයේදී, මස් සහ මාළු සැකසීමේදී භාවිතා වේ; සියඹලා සඳහා වන වට්ටෝරු වල ආදේශකයක් ලෙසද භාවිතා කරයි.

ගොරකා භාවිතයේ ඇති වැදගත්කම

දෛනික ජීවන රටාවේදී, ශරීරය පුනර්ජීවනය කිරීමට උපකාරී වන බීම වැනි විශේෂ සංයෝග පිළියෙළ කිරීම සඳහා ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරයි.එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම සඳහාද ගොරකා යොදා ගත හැක. අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.  දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ.


විශේෂයෙන් අප නිෂ්පාදන තුල ශරීරයට අහිතකර කෘතීම රසකාරක, වර්ණක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ. 100% පිරිසිදු ස්වභාවික සහ දේශීය නිෂ්පාදන බෙදාහැරීම මගින් සුළුපරිමාණ දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම මෙන්ම පිරිපුන් නිරෝගී මතු පරපුරක් බිහිකිරීම අපගේ ඒකායන අරමුණ වේ.

තොග වෙළදුන් සදහා විශේෂ වට්ටම්

📱ක්ෂණික ඇමතුම්: +94-775417550                   ✉️විද්‍යුත් තැපෑල : spaceoneholdings@gmail.com
නිෂ්පාදනය :Rasith Products
ප්‍රචාරණය සහ බෙදාහැරීම : Space One Holdings (Pvt) Ltd