Tuesday, August 4, 2020

පොල්තෙල් ශරීරයේ කොලෙස්ටරෝල් පාලනය කරයි !


පොල්තෙල් (නෑඹුල් තෙල්, කොප්පරා තෙල්, කුරුටු තෙල්), මේ කිසිවක් කවරදාකවත් කොලෙස්ටරෝල් ඇති කිරීමක් සිදු කළේ නැත. එය බාල වර්ගයේ කුකින් ඔයිල්, පාම් ඔයිල් ලංකාවට හඳුන්වාදීමේ දී ගෙතූ පට්ටපල් බොරු කතාවකි. ඇත්තෙන් ම "පොල්තෙල්වල කොලෙස්ටරෝල් තියෙනව ද?" කියා අසන ප්‍රශ්නය ම, වැරදි ප්‍රශ්නයකි.

ඒ මක් නිසා ද යත්, ශාඛයකින්, පලතුරකින්, ගෙඩියකින් ලබා ගන්නා කිසිදු තෙල් වර්ගයක කොලෙස්ටරෝල් නැති නිසාය. කොලෙස්ටරෝල් හැදෙන්නේ මිනිසුන්ගේ හා සතුන්ගේ ශරීර තුළ පමණයි. මස්, මාළු, කිරි, බිත්තර, චීස් ආදියේ කොලෙස්ටරෝල් තිබෙනවා හැරෙන්නට, ශාඛයකින් සාදන ආහාරයක කොලෙස්ටරෝල් නැත.

ඇසිය යුතු නිවැරදි ප්‍රශ්නය නම්, "පොල්තෙල් ආහාරයට ගැනීමෙන්, ඇඟේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා ද?" යන්නයි. පිළිතුර "නැත" යන්නයි.

පොල්තෙල් සෑදී ඇති මේද අම්ලවලින් සියයට 65ක් කෙලින් ම ශක්තිය බවට පත්වේ (එය ක්‍රීඩා ඉසව්වක දී, ග්ලූකෝස් හෝ ශක්ති ජනක බීමක් පානය කළා වැනිය ) කොටින් ම පොල්තෙල්වල ඇති, මේ ආකාරයේ ඉක්මනින් දහනයවන මේද අම්ලවලින් එනර්ජි ඩ්‍රින්ක් සෑදීමක් ලොව වටා සිදුවේ.

අප අතර ජනප්‍රිය දැනුම වන්නේ ග්ලූකෝස්වලින් ශක්තිය නිපදවීමයි. එහෙත් මේදයන්ගෙන් ශක්තිය නිපදවන ආකාරයක් ඇත. එය කීටෝන නම් වේ. ජපානය වැනි රටවල ආහාර සංස්කෘතිය සැකසී ඇත්තේ මේදයන්ගෙන් ශක්ති ජනනයටයි.

පොල්තෙල්වල දී අප විමසා බැලිය යුත්තේ, බොරු කොලෙස්ටරෝල් කතාවක් නොව, රසායනයන් යොදා ඇත් ද?, අධික ලෙස රත් වීමට භාජනය වී ඇත් ද?, බාල වර්ගයේ පාම් ඔයිල්, කාර්මික තෙල් මිශ්‍ර කර ඇත් ද? යන්නයි.

පොල්තෙල් වර්ග කීපයකි (ඒවයේ විශේෂ ගුණයන් ඇත):
1. සුදු මදයෙන් පමණක් සිඳගත් නෑඹුල් පොල්තෙල්
2.සම්පූර්ණ මදයෙන් ම (සුදු මදය හා කුරුට්ට ) සිඳගත් නෑඹුල් පොල්තෙල් හෙවත් සෙක්කු පොල්තෙල්
3. පිරිපහදුකළ පොල්තෙල්
4. කොප්පරා පොල්තෙල් (සුදු පොල්තෙල්)
5.කුරුට්ටෙන් පමණක් සිඳගත් කුරුටු තෙල්

No comments:

Post a Comment