Tuesday, August 4, 2020

මව් කිරි, ලෝරික් අම්ලය, හා පොල්තෙල්


මෝර ගුලි වල ඔමේගා-3 නමැති මේද අම්ලයක් ඇත. ඔලිව් තෙල් තුළ ඔමේගා-9 විශේෂයක් ඇත.

මව් කිරිවල ඇත්තේ ලෝරික් නමැති මේද අම්ලයයි. දැන් කාලයේ නම් දරුවකු බිහි කිරීමට සිටිනා මවකට ලෝරික් අම්ලය පෙති වශයෙන් ලබා දෙන්නේ මේ නිසයි. මහා රසායන විද්‍යා ප්‍රවාද නැතිව, ලෝරික් අම්ලයෙන් (මව් කිරි ) සිදු වන්නේ දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනයත්, නිරෝගී භාවය රැක ගැනීමත්, මොළයේ වර්ධනයත් වේ.

මේ කියනා ලෝරික් අම්ලයෙන් අනූන, ස්වභාවිකව පවතින පෝෂණීය ම ආහාරය පොල් වේ (සුදු පොල් මදය, පොල් කිරි, නෑඹුල් පොල්තෙල්). නෑඹුල් පොල්තෙල්වලින් 50% සෑදී ඇත්තේ ලෝරික් අම්ලයෙනි !

ප්‍රතිශක්තිය වැඩීමට, මතක ශක්තිය වර්ධනයට, නිරෝගී භාවයට නෑඹුල් පොල්තෙල් මේස හැඳි 2ක් දිනකට පානය (මෝර ගුලි භාවිත කරනවා වගේ) ප්‍රචලිත වී ඇත්තේ ඇයි දැයි ඔබට ම තේරුම්ගත හැක.

No comments:

Post a Comment