Friday, June 12, 2020

දේශීය කජු


ලොකු කුඩා හැම දෙනාම වැඩි කැමැත්තක් දක්වන පළතුරක් ලෙස කජු හඳුන්වා දෙන්න පුළුවන්. මාංශමය ආහාරයක් වන කජු ව්‍යංජන ලෙස පිළියෙල කරගැනීමට මෙන්ම ආහාර රසකාරකයක් ලෙසද බොහෝ දෙනා යොදා ගනී.

කජු ගසේ ඉංග්‍රීසි නාමය වන "කැෂුුු" (cashew) සෑදී අැත්තේ "කජු" (caju) යන පෘතුගීසි වචනයෙන් වන අතර (පෘතුගීසි උච්චාරණය: [ක'ජූ]), එය තූපියන් (Tupian) භාශාවේ "අකජූ" (acajú) යන වචනයෙන් ව්‍යුත්පන්න වී ඇති අතර එහි අර්ථය "ස්වයං නිෂ්පාදිත බීජ" යන්නයි. වර්ගීය නම Anacardium යන වචනය ග්‍රීක සම්භවයෙන් සෑදී ඇති අතර එය "බීජය ඵල හරයෙන් හෝ ඵලයේ හදවතින් පිටත පිහිටි" යන අර්ථය ගෙනදේ. (ana- යනු "නැවත" හෝ "පසුගාමී" යන්නයි. -cardium යනු "හදවත" යන්නයි)

B12 හැර අනෙකුත් සියලුම පෝෂ්‍ය පදාර්ථ කජුවල අඩංගු වන අතර මිනිස් සිරුරට අතිශයින් ම අවශ්‍ය වන සින්ක් සහ මැග්නීසියම් වැනි සංඝටක කජුවල අන්තරගත වනවා.එසේම කජුවල කොලෙස්ටරෝල් අන්තර්ගත නිසා, එය ආහාරයට ගැනීම නුසුදුසුයැයි සිතුනද කජුවලින් කොලෙස්ටරෝල් පාලනය වන බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් කජු කොලෙස්ටරෝල් ඇති රෝගීන්ටද ඉතා ගුණදායක වන බව සඳහන් වනවා.

නියසීන්, යකඩ, මැග්නීසියම්, කොපර්, තයමීන්, විටමින් බී, විටමින් බී6, කැල්සියම්, සෙලනියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක් සහ තවත් විටමින් වර්ග රාශියක් අන්තර්ගත වන කජු ශරීරයට අත්‍යාවශ්‍ය අංශු මාත්‍රමූල ද්‍රව්‍යයද, ඔමේගා 3, පැටී ඇසිඩ්, ඔමේගා 6, මේද අම්ලයද ශරීරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ ඇමයිනෝ අම්ල 20 අධික ප්‍රමාණයක්ද කජුවල අඩංගු වන අතර එය මළ බද්ධයට ඉතා ගුණදායක බවයි සඳහන් වන්නේ.
මේ අතර ශුක්‍රාණු වර්ධනය සඳහාද කජුමද ඉතා ගුණදායක වන අතර අවුරුදු හැටට වැඩි වැඩිහිටියන් කජුමද ආහාරයට ගැනීමේදී කජුමද පහළොවකට අඩු ප්‍රමාණයක් ආහාරයට ගැනීම සිදුසු බවයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන්නේ.
විශේෂයෙන් අප නිෂ්පාදන තුල ශරීරයට අහිතකර කෘතීම රසකාරක, වර්ණක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ. 100% පිරිසිදු ස්වභාවික සහ දේශීය නිෂ්පාදන බෙදාහැරීම මගින් සුළුපරිමාණ දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම මෙන්ම පිරිපුන් නිරෝගී මතු පරපුරක් බිහිකිරීම අපගේ ඒකායන අරමුණ වේ.

- Space One Holdings (Pvt) Ltd -

No comments:

Post a Comment